ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය සමුළුව කොළඹදී ඇරඹේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 78 වන සැසිවාරය අද (13) කොළඹදී ආරම්භ වුණා. එහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වන ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා වසරක ධූර කාලයක් සඳහා සභාපතිවරයා ලෙස තේරී පත් වුණා. ​ඔක්තෝබර් 15 වනදා දක්වා දින තුනක් පැවැත්වෙන මෙම සැසිවාරය, සත්කාරක රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවක් සනිටුහන් කරනවා.​මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රෙයිසස්, අග්නිදිග ආසියාව සඳහා වූ කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය කැටරිනා බෝම්, සාමාජික රටවල් අටක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රටවල් දෙකක තානාපතිවරුන් සහ අනෙකුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් සහභාගී වෙනවා.​මෙම සාකච්ඡා ඔස්සේ ලබන වසර සඳහා කලාපයේ සෞඛ්‍ය උපායමාර්ගය හැඩගැස්වීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 830

Leave A Reply

Your email address will not be published. Required fields are marked *