වත්මන් ආණ්ඩුව කියූ දේවල් සහ කරන දේවල් අතර පරස්පරතා රැසක් තිබෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රටේ ජනාධිපතිවරය සියලුම රටවල් සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගත යුතු බවත් එහි දී ජනතාවට සහන සැලසෙන වැඩපිළිවෙළකට විපක්ෂයේ ද සහයෝගය ලබා දෙන නමුත් වත්මන් ආණ්ඩුව කියු දේවල් සහ කරන දේවල් අතර බරපතල පරස්පරතා ඇති බවත් විදුලි බිල, තෙල් මිල අඩු කිරීම, පොහොර සහනාධාරය ලබා දී ආදිය කරනවා කිව්වත් තවමත් ඒවා ඉටු වී නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අතිවිශාග ජනවරමක් ලබා බලයට පත් වූ මේ රජය එ ජනවරමට ගරු කර ජනතාව අපේක්ෂා කරන සහන ලබා දී ජනතාවට සේවය කළ යුතු බවත් රජය ජනතාවට ⁣සේවය නොකරන්නේ නම් ජනතාව වෙනුවෙන් විපක්ෂය පෙනී සිට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ හඩ නගන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එසේම සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී රජය ක්‍රියාත්මක කරන ජනතා මර්දනයට එරෙහිව නැගී සිටිය යුතු බවට සාකච්ඡා වූ බවත් ඊට අමතරව එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා මුහුන දෙන අයුරු සම්බන්දයෙන ද සාකච්ඡා වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා සූදානම් බවත් ඒ සදහා මුහුණ දීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *