වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා 2026 අයවැය මගින් යෝජනා කරන ලද සහන යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව, 2026 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරුවෙකුගේ අවම දෛනික වැටුප රුපියල් 1,550 දක්වා වැඩි කෙරෙන අතර, ඊට අමතරව දිනකට රුපියල් 200ක පැමිණීමේ දිරි දීමනාවක් ද ගෙවීමට තීරණය කර ඇත. මෙම වැඩසටහන වෙනුවෙන් රජය විසින් 2026 අයවැය මගින් රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.අදාළ දිරි දීමනාව මුල් මාස හයක කාලය තුළ වතු සමාගම් හරහා ගෙවීමට නියමිත අතර, ඉන් අනතුරුව එම මුදල සෘජුවම වතු කම්කරුවන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇත. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර මෙහි ඉදිරි ක්‍රියාමාර්ග සිදු කරනු ඇත. කම්කරු අමාත්‍යවරයා සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කළ මෙම ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමඟ වතු ප්‍රජාවට මෙම මූල්‍ය ප්‍රතිලාභය හිමිවීම සහතික කර ඇත.


























