වතු කම්කරුවන්ට රු. 1,750 අවම දෛනික වැටුපක් මෙවර හිමි කර දෙනවා – ජනපති

වතු කම්කරුවන්ට මෙම වසර තුළ දී රුපියල් 1,750 ක අවම දෛනික වැටුපක් හිමි කර දීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශ කළේය.​ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඉන්දියානු අරමුදල් යටතේ නුවරඑළියේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ උත්සවයකට එක්වෙමිනි.​වතු කම්කරුවන් දීර්ඝ කාලයක සිට රුපියල් 1,750 ක දෛනික වැටුපක් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.​”කෙසේ හෝ මේ වසර තුළ දී ඔවුන්ට එම අයිතිය ලබා දීමට අපි පියවර ගන්නවා,” ඔහු වැඩිදුරටත් කීය.

What's your reaction?

Related Posts

1 of 787

Leave A Reply

Your email address will not be published. Required fields are marked *