වතු නිලධාරියෙකුට ගිනි තබයි!

මාපලගම කුඩා කුඩමාලාන තේ කර්මාන්තශාලාවකදී වතු නිලධාරියෙකුට පහරදී පුටුවක බැඳ ගිනි තබා ඇති පුවතක් නාගොඩ මාපලගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ගිනි ගැනීම හේතුවෙන් නිලධාරියාගේ කෑ ගැසීම අසා එහි සේවය කරන පිරිස් පැමිණ ඔහු බේරාගෙන ගින්න නිවා දමා ඇති අතර ගින්න හේතුවෙන් ඔහුගේ ශරීරය පුරා පිලිස්සුම් තුවාල සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත. 

What's your reaction?

Related Posts

1 of 1,145

Leave A Reply

Your email address will not be published. Required fields are marked *