වන සත්ත්ව – මිනිස් ගැටුම ප්‍රශ්නය අන් තැනක!
යන තේමාව මැයෙන් “පරිසර මධ්‍යස්ථානය” සංවිධානය කළ සන්වාදාත්මක සම්මන්ත්‍රණයක් අද පස්වරුවේ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා…
සුපුන් ලහිරු ප්‍රකාශ් , පරිසරවේදි
පහුගිය අවුරුදු ගණනාව තුළ අලිස් මිනිස් ගැටුම නිසා ජිවිත හානිය සිග්‍රයෙන් වැඩි වෙලා තියෙනවා.
2024 දි ඉතිහාසයේ පලවෙනි වතාවට මේම හානිය අඩු වෙලා තියෙනවා.
අලිමංකඩ හරහා යා කරන ලද ජාල ගත කරන ලද ජාතික රක්ෂිත වලට අලි ඇතුන් ගාල් කිරීම තමයි මේ 1959 යෝජනා කරලා තියෙන්නෙ.
අවාසනාවට මේ වන විටත් අලි මිනිස් ගැටුම නැවතිලා නැ..ලංකාවෙන් 60%ක් අලි ගැවෙසෙනවා.
අලි කොලිඩොව හරහා අලි ගාල් කරන්න අවු.60ක් තිස්සේ උත්සහා කරා.
රක්ශිත වලට අලි ඇතුන් යැව්වේ කොහොමද. අනුරාදපුර ප්‍රදේශයේ අලි පලවා හැරියා.
2006 අවුරුද්දේ.. අලි 300කට වඩා ලුනුගම්වෙහෙරට ගාල් කරා.
වැට අයිනෙම මේ සත්තු ටික අවු.2ක් විතර වහන වලින් යන මිනිස්සු කැම දිලා.. සමහර සත්තු මැරිලා ගියා.
පිරිමි අලි තමයි 90%ක් ම මිනිස්සු එක්ක ගැටෙන්නේ.
ඉපදෙන ඉපදෙන අලි පැටවා මැරෙනවා.
සමහර අලි ආහර නැති නිසා ඇගවල් ඇට ගැහිලා මැරිලා යනවා.
ගල්ගමුවේ චන්ඩි ඇතා සොමාවතියට ගිහින් දැම්මා.. දවස් 30ක් ඇතුලත නැවත ගල්ගමුවට තමන්ගේ වාසස්තානයට අවා.
චන්ඩි මැරෙනකම්ම.. තමන්ගේ වාසස්තානයෙම හිටියේ. අලි පර්ස්තාපනය කිරිම එකෙන් සාර්තක නැ කියලා මේකෙන් ඕප්පු වෙනවා.
අලි මිනිස් ගැටුම් අවම කිරීම ගෝඨාභය ගේ සැලැස්මක් නෙමේ.
ගොවි ජන දෙපාර්තමේන්තුව හරහා අලි වැටවල් සකස් කිරීමට ක්‍රියාකාරී සැලැස්මත් තියෙනවා.
අලි මිනිස් ගැටුම අවම කිරීමට ජනාධිපති කාර්ය බලකායක් පිහිටුවන්න බලාපොරොත්තු වෙනවා.
Clean ශ්‍රී ලංකා යටතේ අලි පන්නා දැමීමෙ මෙහෙයුමක් පටන් ගත්තා.
දැන් ලුණුගම්වෙහෙරේ කොටුවෙලා ප්‍රශ්න වැඩි වෙලා.
දැන් කියනවා පළවෙනි වතාවට අලි කොරීඩෝ විවෘත කරනවා කියලා. මේ ගැන නොදන්න අයට අලුත් දෙයක්. දැනට අලි කොරිඩෝ දාසයක් තියෙනවා .
වනජීවි දෙපාර්තමේන්තුව දැන් කියනවා අලි පලවා හැරිය හින්දා දැන් අලි කරදර නෑ කියලා … නමුත් මේගොල්ලෝ අලි පලවා හැරියේ නෑ. අපි අලි ඇ
එලෙව්ව නිසා අලි මිනිස් මරන අඩුවෙලා තියෙන්නේ කියලා . නමුත් ගම්වලට ආලිනම් මේගොල්ලෝ පලවා හරිනවා.
ගොවි ජාතික සමුලුවේ නියෝජිත R.M ඉසුරුජීව
වන සත්ව මිනිස් ගැටුමකියල කිවුවට ඇත්තටම මෙික ගොවියන්ගේ ප්‍රස්නයක් .සත්තු මෙිකට මැදිහත් වෙන්නේ ආහාර නිසා සත්තුන්ට තමන්ගේ ආහාර අහිමි වෙලා තියනව එක නිසා ගොවියන් අස්වැන්නට හානි කරනව .
හැමතැනම මෙික ප්‍රස්නයක් වෙලා තියනව මිය යන මිනිස්සු සත්තු ගැන කියල නෙමෙයි ගොවියන් විදිහට තවත් ප්‍රස්න රැසක් තියනව ඒක නිසා ගොවියට වගා හානි පිළිබදව ප්‍රස්නයක් නෙමෙයි ජීවිතයටත් ප්‍රස්නයක් වෙලා තියනව.
වගා කරපු දවසේ ඉදන් වගාව ආරක්ෂා කරගන්න ඔනි නිවසත් ආරක්ෂා කරගන්න ඔනි රාත්‍රීයේදි වගාවයි ගෙයයි දෙකම බලාගන්න වෙලා තියනව මෙික විෂාල සමාජ ප්‍රස්නයක් .
මෙි ප්‍රස්නෙ කොහොමද ආවෙි.මහාපරිමාන වගාවෙි ආරම්බය විදිහට විශාල ලෙස කෑලෑ එලි කරන්න කටයුතු කරනව සතුන්ගේ නිවාස අහිමි උනා මෙිකෙදි.
ඒ වගේම රක්ෂිත ඇතුලේ වෙන ව්‍යාපීති මෙිකේ ලොකු කොටසක් නියෝජනය කරනව .ආහාර දාමයේ කොටස් අහිමි වෙලා තියනව ඉහල ආහාර දාමයේ කොටස් අහිමි වීම මෙම ගහන වැඩි වීමට තවත් කාරනයක් වෙනව.
මෙි ප්‍රස්නෙ විසදන්න ගොවිය හම්බකරපු ඒව යටකරන්න වෙනව .අසරන උන ගොවිය වෙලදපලේ ගොදුරක් වෙලා තියනව .
ගොවි ජාතික සමුළුව විදිහට අපිට මෙිකට විසදුමි ඔනි මෙි යමින් තියෙන්නේ ගොවියට ගොවි කම අමතක කරවන වැඩක් ඒක නිසි ගොවිය හා වන සතා ජීවත් වෙන සියලු පැති ගැන හිතන පොදු වැඩ පිලිවෙලක්
යොදාගන්න ඔනි .
[ උරග හා උභයජීවි විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ
සංරක්ෂණය හා සංවර්ධන කියන එක දෙකක් නෙමෙයි එකක් .
මෙි දවස් වල පිරිස් කතාවක් කියනව අනාරක්ෂිත සතුන් හා ආරක්ෂිත සතුන් කියල අනාරක්ෂිත සතෙක් මරන එක කරන්න පුළුවන් කිවුවට ඒක විශාල කාරනයක්.සතෙක් අනාරක්ෂිත වු පලියට ඔහුව මරන්න බැ.
අපිට තවත් අපි හෙවුව කාරනා වලින් රටෙි සංරක්ෂ කාරනා වලට දායක වෙන්න පුළුවන් උනා .
[
වෑකදවල රාහුල හිමි… පරිසර මධ්‍යස්ථානය
අපි අද දවසේ මුහුන දීල තියන ප්‍රස්නෙ ගැන ගැබුරින් හිතන්න ඔනි අපි මෙවනි සාකච්චාවක් කරන්න ප්‍රධානම කාරනය උනේ කෘෂිකාර්මය සම්බන්ද ඇමතිවරයා ප්‍රකාශයක් කරා වගාවට එන සත්වයන්ට තමන්ට කැමති දෙයක් කරන්න කියල කියනව එතකොට ලාල්කාන්ත ඇමති වරයා පරිසරය පිළිවදව ඉදිරංපත් කරේ ඔක්කොම විසිරෙන විසදුම් .
ලාල් කාන්ත ඇමතිගේ මේ ප්‍රකාශය පසු ගිය දවස් වල උන පැරනි කාරනා වලට සමාන කාරනයක් ලෙස තමයි අපිට ේප්න්නේ ඒක නිසා තමයි අපි මේ විදිහට එකතු උනේ මේක පිළිවදව අදහස් දැක්ම ක්ලීන් කරන්න.
අපි මතක් කරනව අපිට මෙි ප්‍රස්නෙ විසදා ගැනීමට විවිද සංවිධාන වල එකමුතුවක් ඔවු අපේ විවිද අදහස් තියනව විවිධ දැක්මවල් තියනව .විශේෂයෙන් මතක් කරන්න ඔනි දවසින් දවස අපිට පරිසරය අහිමි වෙන්නෙ කොහොමද අලි මිනිස් ගැටුම ගැන අපි දන්නව.
කැලේ හිටපු අලින්ට සත්තුන්ට වාස භුමියක් අද නැ ඒක නිසා එයාලගේ අවෂ්‍ය තා වලට විසදුන් හොයන කොට ගොවියෝ හම්බ වෙනව එතන ඔය කියන අලි මිනිස් ගැටුම කියන ආදි සංසිද්දි එහෙම ඇති වෙනව .
අපි දන්නව මෙි ප්‍රස්නෙ මෙච්චර ලොකු වෙන්න බලපාපු කාරනා ගත්තව බහු පාර්ෂව විදිහට ණය දෙන ආයතන විවිද කොන්දේසි දැමිම එතනදි කුඩා පරිමාන බෝග වෙනුවට මහාපරිමාණ බෝග වගිවන් හදුන්වා දේන්නකියල තවත් ඒව විදිහට ඉඩම් නීති ලිහිල් කරන්න ආයෝජන කරන්න ලේසි විදිහට මෙිකට අපේ රට ප්‍රතිචාර දක්වවුව කැබිනට් පත්‍රකා යටතේ අවෂේස කැලැ ව්‍යාපීති වලට යොදන්න කියල .
දැන් මෙි වෙන කොට සත්තුත් අනාතයන් වෙලා ඉන්නේ මෙි ප්‍රස්නෙ ට දීර්ග කාලින විසදුම් වලට යන්න ඔනි අපි කියනව මෙි රජයට ජනතාවට එකග වෙන්න පුළුවන් විසදුම් වලට යන්න කියල .අපිට දැන් ඔනි සැලසුම් පිළිවද සංවාදයක් පරිසර සංවිදාන වලට අපි කියනව අපි වෙන් වෙලා බැ එයින් වෙන්නේ බහු ජාතික සමාගම් දිනන එක .අපි ආරදනා කරනව ඔබට එක්වන්න අපි එක්ක .
අද දවස වෙද්ිදි අපට කාර්යබාරයක් තියනව අනාගත පරපුරට මොන පරිසරයක් ද ලබා දෙන්නේ කියල .මෙි රජය මෙියට සුබ වාදි ප්‍රවේශ නෙමෙයි ලබා දෙන්නේ අපි දැක්ක ඒක.