වප් පුර පසළොස්වක පොහොය අදයි. ඒ අනුව වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් කඨින චීවර පිංකම් ආරම්භ වන්නේ අදි දිනයේ සිටයි. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩසිට ඇත්තේ ද අදවන් පොහෝ දිනක බවද ශාසන ඉතිහාසයේ සදහන් වේ.
වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයක් වන අතර මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේද අද වන් වප් පුන් පොහෝ දිනයන්හි දී ය.