වර්තමාන නව රජය විසින් ඉදිරිපත් කරන මංගල අයවැය තුළින් මේ වන විට ගැටළු ගණනාවක් නිර්මාණය කර ඇති බව විශ්ව විද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව අවධාරණය කරයි.

මේ අයවැය සම්මත වූවාට පසු අකමැත්තෙන් වුවත් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරන ගැටලු නිවැරදි නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බවත්, මේ දක්වා සාකච්ඡා කිරීමට දෙන සාකච්ඡා ප්‍රමාද වීමට එරෙහිව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාටත් එරෙහිව
ආරම්භක පියවරක් ලෙස එළැඹෙන 18 වැනිදා වෘත්තිය සමිති නායකයින් පමණක් සම්බන්ධ කරගෙන කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සිදු කරන බව එහි සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා සඳහන් කලේය..

ඒ මහතා මේ පිළිබඳව සඳහන් කළේ දිවයිනේ සියලු විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තිය සමිති නායකයින් සමඟ අද දහවල් විවෘත විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි…

වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව
ප්‍රධාන කරුණු :

  1. මාසික හිලව් දීමනාව ( MCA) දීමනාව 45% සිට 36% දක්වා 09% කින් කප්පාදු කිරීම.
  2. මෙතෙක් ලබාදුන් 20% විශේෂ දීමනාව සම්පූර්ණයෙන් අහෝසි කිරීම.
  3. අතිකාල සදහා සිදුකරන ගෙවීම් අඩු කිරීම.
  4. රජයේ සේවය හා විශ්වවිද්‍යාල සේවය අතර පරතරය අඩුකිරීමට විරෝධය ප්‍රකාශ කිරීම.

What's your reaction?

Related Posts

1 of 580

Leave A Reply

Your email address will not be published. Required fields are marked *