2025.01.13 වන දින පෙ.ව.07.00ට පමණ වව්නියාව බන්ධනගාරය තුලට විසිකර තිබූ පාර්සලයක් එදින රාජකාරියේ නියුතු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වව්නියාව බන්ධනාගාර අධිකාරීවරයා වෙත ඉදිරිපත් කර ඇත.
එම පාර්සලය තුළ තිබී
• දුරකථන 03ක්
• දුම්කොළ 17 ක්
• දුරකථන බැටරි 01 ක්
අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලය බන්ධනාගාර අධිකාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික බලකාය වෙත භාර දීමට කටයුතු කර ඇත.
ගාමිණී බී දිසානායක
බන්ධනාගාර කොමසාරිස්
(මාධ්‍ය ප්‍රකාශක)