සතිඅන්ත නිවාඩුවත් සමග නුවරඑළියේ පවතින සුවිශේෂී කාලගුණික තත්ත්වය අත්විඳීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් නුවරඑළිය නගරය වෙත පැමිණෙමින් සිටිති. විශේෂයෙන්ම අලුයම් කාලයේදී පරිසරය සුදු පැහැයෙන් වසාගන්නා “මල්තුහින” පතිත වීම නැරඹීම සඳහා බොහෝ පිරිසක් දැඩි උනන්දුවක් දක්වන බව වාර්තා වේ.නුවරඑළිය ප්‍රදේශයෙන් පසුගිය 22 වනදා වසර 17කට පසු වාර්තා වූ අවම උෂ්ණත්වය මෙම සංචාරක ආකර්ෂණයට ප්‍රධාන හේතුව වී තිබේ. එදින උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5ක් දක්වා පහත වැටුණු අතර, මෙය 2009 වසරෙන් පසුව මෙරටින් වාර්තා වූ අඩුම උෂ්ණත්වය ලෙස ඉතිහාසයට එක්විය.අද (25) දිනයේදී ද දිවයිනේ අඩුම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 9.7ක් නුවරඑළියෙන් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරයි. මල්තුහින පතිත වන සුන්දර දර්ශන දැකගැනීමට මෙවැනි සිතල කාලගුණයක් අත්‍යවශ්‍ය බැවින්, ඉදිරි දින කිහිපය තුළද සංචාරක පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කෙරේ.


























