මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය අතර පැවැති ‘රුහුණු නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශාන්ත සර්වේශස් විද්‍යාලය සමත් විය. මෙය ඔවුන් වසර 55කට පසු මෙම තරගාවලියේදී ලැබූ ප්‍රථම ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක්වේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් විද්‍යාලය සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 158ක් රැස්කළ අතර, දෙවන ඉනිමේදී ලකුණු 137ක් ලබාගනිමින් ප්‍රතිවාදීන්ට ජයග්‍රාහී ඉලක්කයක් ලබා දුන්නේය. ඊට පිළිතුරු ලෙස ශාන්ත සර්වේශස් විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 118ක් ලබාගත් අතර, දෙවන ඉනිමේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 180ක් රැස්කරමින් මෙම සුවිශේෂී ජයග්‍රහණය තහවුරු කරගත්තේය.
























