වස්කඩුව තැපැල් පෙට්ටිය අසල කානුවකින් හඳුනා නොගත් මළසිරුරක් හමුවේ

කළුතර, වස්කඩුව ප්‍රදේශයේ තැපැල් පෙට්ටියක් අසල පිහිටි කානුවක තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් අද දින සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයා වයස අවුරුදු 60ක පමණ පසුවන්නෙකු බවට සැකකෙරෙන අතර, ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව කළුතර උතුර පොලිසිය පවසයි. මෙම මරණය සම්බන්ධයෙන් විවිධ සැකසංකා පවතින බැවින්, ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,006

Leave A Reply

Your email address will not be published. Required fields are marked *