ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කළ බවට චෝදනා නැගෙන, කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ බිරිඳගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.
පොලිසිය පැවසුවේ මේ සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බුද්ධි නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි.
කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සහ බිරිඳ මේ වනවිට විදේශ ගතව සිටින අතර බිරිඳගේ පවුලේ සාමාජිකයින් පන්නල ප්‍රදේශයේ වාසය කරයි.
පොලිසිය පැවසුවේ (24) පස්වරුවේ එම නිවස වීඩියෝගත කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව බුද්ධි තොරතුරු ලැබුණු බවයි.
වහා ක්‍රියාත්මකවූ පොලිසිය එම පුද්ලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිසිය පැවසුවේ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ බිරිඳගේ මව, පියා සහ බාල සහෝදරයා එම අවස්ථාවේ නිවසේ රැදී සිටි බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සතුව තිබී විදේශීය රටක නිෂ්පාදනය කළ ගිනි අවියක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ එම ගිනි අවිය විදේශ රටක රැදී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ඩුබායි සමීර නැමැත්තා විසින් සැකකරුවන්ට ලබාදී ඇතැයි තොරතුරු අනාවරණයවී ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුවන අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි