මෙම දිනවල ඇතැම් ස්ථාන වල වාත දූෂණය සසිදුව ඇතැයි ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය නිකුත් කළ වායු ගුණාත්මක දර්ශකයේ දත්ත අනූව පැහැදිලි වන බවද මෙම වායු දූෂණය කළමනාකරණයට පුද්ගල දායකත්වය ලබාදෙන ලෙස ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය සඳහන් කරයි.
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයේ (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙම දිනවල නිවාස ආශ්‍රිතව කසල ගිනි තැබීම් සිදුනොකරන ලෙසද එම සියලු දේ හේතුවෙන් වායු වල ගුණාත්මකභාවය පහළ යා හැකි බවද සඳහන් කළාය.
මෙම දිනවල පවත්නා වායු දූෂණය සහ අධික උෂ්ණත්වය වඩාත් බරපතල ලෙස අවධානම් කාණ්ඩ වලට සෞඛ්‍ය ගැටලු ඇතිකළ හැකි යැයිද විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය අවධාරණය කළාය. මෙම තත්ත්වයන් කළමනාකරණයට දායක වීමට පුද්ගලයන්ට වගකීමක් ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.