වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කැකිරාව ප්‍රදේශයේදී සිදුකළ බවයි. අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක්ද සිටින බව වැඩිදුරටත් වාර්තා වේ. මෙම බිහිසුණු ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.























