විගණකාධිපති පත්කිරීමේ තීරණය අද! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි රැස්වෙයි

නව සිවිල් සමාජ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (31) දෙවන වරට රැස්වන අතර, එහිදී විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නාමයෝජනාව සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇතැයි රජයේ ප්‍රධාන සංවිධායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම සභාව, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් පත්කළ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් යුතුව ඊයේ (30) සිය මංගල හමුව පැවැත්වූ අතර අනෙකුත් සාමාජිකයෝ සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ ඊට එක්වූහ. ඊයේ පැවති රැස්වීමේදී පුරප්පාඩු වී ඇති විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කළද, එය ඉදිරි සැසියකට කල් තැබූ බව කථානායක කාර්යාලය සඳහන් කළේය. ඒ අනුව, ව්‍යවස්ථා සභාවේ ජනාධිපති නියෝජිතයා ලෙස කටයුතු කරන රත්නායක මහතා සඳහන් කළේ අද පැවැත්වෙන රැස්වීමේදී මෙම නාමයෝජනාව පිළිබඳව යළි සලකා බැලීමට නියමිත බවයි.

What's your reaction?

Related Posts

1 of 997

Leave A Reply

Your email address will not be published. Required fields are marked *