ආපදා පසුබිමක විගණකාධිපතිවරයෙකු නොමැති වීම බරපතල ගැටලුවක් බව පෙන්වා දෙමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. රජය විසින් පිහිටුවා ඇති ‘ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදල’ (Rebuilding Sri Lanka Fund) විගණනය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව එහිදී ප්‍රශ්න කර ඇති මන්ත්‍රීවරයා, මෙම අරමුදල පාර්ලිමේන්තුව හරහා ව්‍යවස්ථාපිතව ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවත්, එසේ නොමැතිව එය විගණනය කළ නොහැකි බවත් පෙන්වා දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව මූල්‍ය පාලන බලය පැවරී ඇත්තේ ව්‍යවස්ථාදායකයට බව සිහිපත් කරමින්, වහාම විගණකාධිපතිවරයෙකු පත් කරන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.වැඩබලන විගණකාධිපතිවරයාගේ ධුර කාලය දෙසැම්බර් 6 වැනිදායින් අවසන් වී ඇති අතර, ජනාධිපතිවරයා විසින් යෝජනා කළ නම් කිහිපයක් ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීම අර්බුදයකට ලක්ව ඇත. තමා යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා තහවුරු කළද, මේ දක්වා ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.


























