විද්‍යාලංකාර මහා පිරිවෙනේ ශත සංවත්සරය හෙටින් නිමාවට!

පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ ශත සංවත්සර සැමරුම් උළෙලේ සමාප්තියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.​සැමරුම් උළෙල නොවැම්බර් 1 වනදා ප.ව. 2.00 ට පැවැත්වීමට නියමිතය.​ඔක්තෝබර් 27 වනදා ආරම්භ වූ ආගමික උත්සව ඇතුළු ශත සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් පවත්වා තිබුණි.​ඔක්තෝබර් 27 වන දින ආරම්භ වූ අධ්‍යාපනික ප්‍රදර්ශනය 31 වනදා දක්වා පැවැත්වේ.​මෙරට බෞද්ධ අධ්‍යාපනයේ විශිෂ්ට අධ්‍යාපන මධ්‍යස්ථානයක් වන විද්‍යාලංකාර මහා පිරිවෙන 1875 වසරේදී ශ්‍රී ධර්මාලෝක මහා ථේරයන් වහන්සේ විසින් ආරම්භ කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 816

Leave A Reply

Your email address will not be published. Required fields are marked *