විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ අවසන් වාර්තාව මෙමස දෙවන සතිය අවසානයේ

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ තීරණය මෙම මස දෙවන සතිය අවසානයේ ලබා දීමට කටයුතු කරන බව එම කොමිසම පවසයි. විදුලි ගාස්තු ඉහළ සියයට 6.8කින් ඉහළ නංවන ලෙස යෝජනා කරමින් පසුගිය සැප්තැම්බර් මාසයේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබීය.කොමිසම විසින් ඊට අදාළ වාචිකව මහජන අදහස් ලබාගැනීම පසුගිය මස 18 වනදා නැගෙනහිර පළාතෙන් ආරම්භ කරනු ලැබීය. මේ වන විට දිවයිනේ පළාත් 8ක් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගෙන ඇති අතර, පුද්ගලයින් 500කට අධික ප්‍රමාණයක් ඊට සහභාගි වූ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක ජයනාත් හේරත් මහතා සඳහන් කළේය. අවසන් සැසිය එළඹෙන 8 වනදා බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට කටයුතු යොදා ඇත. සියලු කරුණු සලකාබැලීමෙන් අනතුරුව විදුලි ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව නිකුත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 778

Leave A Reply

Your email address will not be published. Required fields are marked *