විදුලි ගාස්තු සහ ඉන්ධන මිල තවත් ඉහළට? පාඨලී චම්පික රණවකගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් සිදුකරන ලද ඉන්ධන මිල සංශෝධනය දැඩි විවේචනයට ලක් කරමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙන්නේ, අඩු මිලට ආනයනය කර ගබඩා කර තිබූ ඉන්ධන තොග සඳහා මෙලෙස මිල ඉහළ දැමීම හරහා ජනතාව දැඩි ලෙස නොමඟ යවා ඇති බවයි. ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් සිදුවූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට හිමිවිය යුතු විශාල ඉන්ධන ප්‍රමාණයක් අහිමි වී ඇති බවත්, ගුණාත්මකභාවයෙන් තොර ගල්අඟුරු භාවිතය නිසා අනවශ්‍ය ලෙස ඉන්ධන ලීටර් ලක්ෂ ගණනක් නාස්ති වන බවත් ඔහු අවධාරණය කරයි. මේ හරහා අප්‍රේල් මාසයෙන් පසු රටේ විදුලි සැපයුම තවදුරටත් අර්බුදයකට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බව හෙතෙම පෙන්වා දෙයි.​රටේ පවතින ආර්ථික පරිහානිය හමුවේ විදේශීය ණය ගෙවීමේ හැකියාව අභියෝගයට ලක්ව ඇති අතර, ඉදිරියේදී විදුලි ගාස්තු කොපමණ ප්‍රමාණයකින් ඉහළ යනු ඇත්දැයි කිව නොහැකි බවද රණවක මහතා පවසයි. වත්මන් කළමනාකරණ දුර්වලතා හමුවේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 500 සීමාව ඉක්මවා යාමට පවා ඉඩ ඇති බව පවසන ඔහු, ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් පවතින විදෙස් සහයෝගීතා අවස්ථාවන් නිසි ලෙස ප්‍රයෝජනයට නොගැනීම පිළිබඳවද රජයට චෝදනා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,062

Leave A Reply

Your email address will not be published. Required fields are marked *