විදුලි ගාස්තුවේ වැඩිවීමක්

එළඹෙන මැයි මස 06 වෙනිදාට පසු විදුලි ගාස්තු වැඩි කිරීමටත් ආණ්ඩුව සැලසුම් කර ඇති බව හෝමාගම ගොඩගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

පසුගිය දිනක රට පුරා විදුලිය බිඳ වැටීමෙන් සිදුවූ පාඩුව පියවා ගැනීමට මෙසේ සැලසුම් කර ඇති බව වාර්තා වේ.

අදාළ විදුලිය බිඳවැටීමෙන් විදුලිබල මණ්ඩයට සිදුවූ අලාභය රුපියල් කෝටි 830 ක් පමණ වන බවද මෙම විදුලි බිඳ වැටීම වඳුරෙකු නිසා සිදුවූ දෙයක් නොවන බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයේදී හෙළිදරව් වී ඇති බවද පැවසූ ඔහු කෙසේ වෙතත් එහි පාඩුව ජනතාවට ගෙවන්න සිදුවී ඇති බවද කියා සිටියේය.  

What's your reaction?

Related Posts

1 of 1,142

Leave A Reply

Your email address will not be published. Required fields are marked *