විදුලි බිද වැටීම් යථාතත්ත්වයට පත් කිරීම ප්‍රමාද වන ලකුණු

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවන විදුලි බිද වැටීම් යථා තත්ත්වයට පත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවල ට්‍රාන්ස්ෆෝමර මතට ගස් කඩා වැටීම හේතුවෙන් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට බාධා එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත් සිය සීමිත තාක්ෂණික කාර්ය මණ්ඩලය උපරිමයෙන් කැප වී විදුලි බිද වැටීම් ලක්ෂ 3 කට අධික ප්‍රමාණයක් යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *