ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැන බරපතල තුවාල ලැබූ තරුණයෙක් රෝහල් ගත කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා තරුණයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ වාහනය ගැටුණු මෙම තරුණයා බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ බවයි අතුරුගිරිය පොලිසිය පවසන්නේ.

මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ අතුරුගිරිය වල්ගම ප්‍රදේශයේ පදිංචි අවුරුද්ගු 24ක තරුණයෙක්.

ඔහු අධිවේගී මාර්ගයට පැන්නාද නැතහොත් වෙනත් පාර්ශවයක් විසින් පාලම මත සිට එම තරුණයා තල්ලු කරාද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති අතර අතුරිගිරිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි

What's your reaction?

Related Posts

1 of 1,126

Leave A Reply

Your email address will not be published. Required fields are marked *