විදුලි බිල යළි ඉහළට? සියයට 13.56ක ගාස්තු සංශෝධනයක් සඳහා විදුලිබල මණ්ඩලයෙන් යෝජනාවක්

මෙම වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 13.56කින් ඉහළ නැංවීමට අවසර පතමින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. අප්‍රේල් 01 වැනිදා සිට ජූනි 30 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම සංශෝධනය යටතේ, ඒකක 0–30 දක්වා ගාස්තුව රුපියල් 4.50 සිට 5.11 දක්වාත්, ඒකක 31–60 දක්වා ගාස්තුව රුපියල් 8.00 සිට 9.08 දක්වාත් ඉහළ දැමීමට යෝජිතය. මීට අමතරව, ඒකක 61–90 දක්වා ගාස්තුව රුපියල් 18.50 සිට 21.01 දක්වා ද, ඒකක 91–120 දක්වා රුපියල් 24.00 සිට 27.25 දක්වා ද, ඒකක 121–180 දක්වා රුපියල් 41.00 සිට 46.56 දක්වා ද ඉහළ නැංවීමට නියමිතය. ඒකක 181 ට වැඩි පරිභෝජනය සඳහා දැනට පවතින රුපියල් 61.00 ක ඒකක ගාස්තුව රුපියල් 69.27 දක්වා ඉහළ දැමීමට ද විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත. මෙම නව ගාස්තු ව්‍යුහය ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සමාලෝචනයෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,013

Leave A Reply

Your email address will not be published. Required fields are marked *