විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කෙරේ: උප සමාගම් 6ක් පිහිටුවීමට අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ කර්තව්‍යයන් පැවරීම සඳහා උප සමාගම් හයක් පිහිටුවීමට පියවර ගනිමින් විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නව නියමයන් 2026 මාර්තු මස 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙනු ඇත.​එම ගැසට් නිවේදනයට අනුව, විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ පද්ධති මෙහෙයුම් කටයුතු සඳහා මෙම නව උප සමාගම් හය ස්ථාපිත කිරීමට ප්‍රතිපාදන සලසා ඇත. ඇතැම් නිශ්චිත වගන්ති කිහිපයක් හැර, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ අනෙකුත් සියලුම විධිවිධාන ලබන මාර්තු 09 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, ඒ සමඟම ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,036

Leave A Reply

Your email address will not be published. Required fields are marked *