විදේශ රැකියා වංචාවන්ට තිත: 2025 දී කෝටි 38 ක වන්දි සහ බලපත්‍ර 15 ක් අවලංගුයි!

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය සමඟ පැවැති සමාලෝචන රැස්වීමකදී විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ, 2025 වසරේ ක්‍රියාත්මක කළ දැඩි නීතිමය පියවර හේතුවෙන් විදේශගත ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ඉහළ ප්‍රතිලාභ හිමිවූ බවයි. 2025 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ කාර්යාංශය වෙත පැමිණිලි 4,822 ක් ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 2,914 ක් පරීක්ෂණ සහ සමථකරණය මගින් විසඳා ඇත. මීට අමතරව නඩු 772 ක් අධිකරණය හමුවේ ගොනු කර ඇති අතර, වැටලීම් 21 ක් හරහා පුද්ගලයන් 121 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.​පීඩාවට පත් ශ්‍රමිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 380 කට අධික මුදලක් වන්දි වශයෙන් ලබා දීමට පසුගිය වසරේදී හැකි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. බරපතල සහ දිගින් දිගටම නීති උල්ලංඝනය කළ බඳවා ගැනීමේ නියෝජිතායතන 15 ක බලපත්‍ර, නිසි නීතිමය ක්‍රියාවලියකින් පසු අවලංගු කර ඇත. තවද, විමර්ශන කටයුතු ශක්තිමත් කිරීම සඳහා 2025 සැප්තැම්බර් 22 දින කාර්යාංශය තුළ ස්ථාපිත කළ විශේෂ පොලිස් ඒකකය හරහා ඉදිරි කටයුතු වඩාත් කාර්යක්ෂම වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. ලියාපදිංචි නොවූ නියෝජිතයන්ගෙන් වැළකී සිටින ලෙසත්, ඕනෑම ගෙවීමක් කිරීමට පෙර කාර්යාංශයෙන් විමසා තහවුරු කරගන්නා ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 976

Leave A Reply

Your email address will not be published. Required fields are marked *