විදේශික කාන්තාවකට හිංසා කළ සැකකරු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් තිරුක්කෝවිල් ප්‍රදේශයේදී විදේශීය සංචාරක තරුණියකට ලිංගික හිංසනයක් සිදුකිරීමේ චෝදනාවට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. නවසීලන්ත ජාතික කාන්තාවක විසින් සංචාරක පොලිස් කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව, කල්මුණේ මරඳමඩු ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි එක්දරු පියෙකු වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. එම කාන්තාව වාර්තා කර ඇත්තේ ඔක්තෝබර් 25 වන දින ආරුගම්බේ සිට පාසිකුඩා දක්වා ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඔහු අශෝභන ලෙස හැසිරී ඇති බවයි. මෙම සිදුවීමෙන් පසු සැකකරු තිරුක්කෝවිල් ප්‍රදේශයෙන් පලා ගොස් දින තුනකට පසු හිස බූ ගා, පෙනුම වෙනස් කරගෙන කල්මුණේදී සිටියදී ඊයේ (16) පස්වරුවේ තිරුක්කෝවිල් පොලීසියේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු පොතුවිල් පොලීසියට භාර දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 844

Leave A Reply

Your email address will not be published. Required fields are marked *