එළඹෙන පෙබරවාරි 17 වන දින ආරම්භ වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම වෙනුවෙන්ම පමණක් කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව සහ නුවරඑළිය යන පළාත් කාර්යාල එළඹෙන සෙනසුරාදා (පෙබරවාරි 14) පෙරවරු 8:30 සිට දහවල් 12:30 දක්වා විවෘතව තැබෙනු ඇත. මෙතෙක් මෙම ලිපි ලබා නොගත් අපේක්ෂකයින්ට දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් ඒවා බාගත කළ හැකි අතර, මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති පාසල් අයදුම්කරුවන් විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත් සහ අදාළ ලේඛන රැගෙන ආ යුතු බවට දන්වා සිටියි.


























