​”විමල්ට තැඹිලි දෙන කෙනෙක් නෑ” – කැබිනට් මණ්ඩලයේ කිසිදු වෙනසක් නැති බව ඇමති නලින්ද කියයි!

රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට එරෙහිව විරෝධතා පැවැත්වුවද කැබිනට් මණ්ඩලයේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. විමල් වීරවංශ මහතා ආරම්භ කළ සත්‍යග්‍රහ ව්‍යාපාරය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ඇතැම් ප්‍රතිසංස්කරණ කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ ද එය පවතින විරෝධතාවලට බලපෑමක් නොවන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ විභාග දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බාධාවක් නොවන පරිදි සහ මහජනතාවට පීඩාවක් නොවන අයුරින් ඕනෑම අයෙකුට තම විරෝධතා පවත්වාගෙන යාමට නිදහස ඇති බවත්, අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යවරිය ඉවත් කරන තුරු විමල් වීරවංශ මහතාට විරෝධතාවයේ සිටිය හැකි වුවද ඒ සඳහා ඔහුට බොහෝ කල් රැඳී සිටීමට සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදී ඔහු උපහාසාත්මකව පවසා සිටියේ “ඔහුට එහි ඉන්න වෙයි, කවුරුත් ඔහුට තැඹිලි දෙන්න එන එකක් නැහැ” යනුවෙනි.​රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට සහ ජනවරමට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවත්, දැනට මතුව ඇති ගැටලුව එක් මොඩියුලයකට (Module) පමණක් අදාළ වන්නක් බැවින් ඒ සඳහා විසඳුම් ලබාදෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එසේම, හරිනි අමරසූරිය මහත්මිය සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් හෝ අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව ද ඔහු මෙහිදී තහවුරු කළේය.

What's your reaction?

Related Posts

1 of 940

Leave A Reply

Your email address will not be published. Required fields are marked *