වියළි කාලගුණය හේතුවෙන් ජල සැපයුමට බාධා

පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් දෛනික ජල සැපයුම සැළකිය යුතු කාලයක් අඩාල වන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.

ජල මූලාශ්‍රවල ජල මට්ටම් පහළ අගයක පැවැතීමත් ජනතාවගේ ජල පරිභෝජනය සැළකිය යුතු ලෙස ඉහළ යාමත් මෙම ජල කප්පාදුවට හේතු වී තිබේ.

එසේම උස් ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින්ට බවුසර් මගින් ජලය ලබා දීමට කටයුතු සළසා ඇති බවද එම මණ්ඩලය දැනුම් දේ.

මෙම තත්වයන් අවම කර ගැනීම සඳහා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද එම මණ්ඩලය ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

What's your reaction?

Related Posts

1 of 576

Leave A Reply

Your email address will not be published. Required fields are marked *