ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා වගාකිරීම සඳහා ගොවීන් දිරිමත් කිරීමේ අරමුණින්, එම වී වර්ගවල අවම මිලදී ගැනීමේ මිල ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2025 යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් නාඩු වී කිලෝවක් රුපියල් 120කට ද, සම්බා රුපියල් 125කට සහ කීරි සම්බා රුපියල් 132කට ද මිලදී ගන්නා ලදී. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද මිල කමිටුව විසින් ගොවීන්ට උපරිම සහනයක් සැලසීම සඳහා මෙම මිල සංශෝධන යෝජනා කර ඇත.ඒ අනුව, නියමිත ප්‍රමිතියෙන් යුත් නාඩු වී කිලෝවක අවම මිල රුපියල් 120 ලෙසම පවත්වා ගැනීමටත්, සම්බා වී කිලෝවක මිල රුපියල් 125 සිට 130 දක්වාත්, කීරි සම්බා වී කිලෝවක මිල රුපියල් 132 සිට 140 දක්වාත් ඉහළ නැංවීමට ආහාර ප්‍රතිපත්ති සහ ආරක්ෂක කමිටුව තීරණය කර තිබේ.


























