වී සඳහා වන සහතික මිල ප්‍රකාශයට පත් කිරීම අද – කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය

වී සඳහා වන සහතික මිල අද(05) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, වී වගාව සඳහා යන සියලු පිරිවැය ගණනය කර එම මිල ගණන් ප්‍රකාශයට පත් කරන බවයි.

වී මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 500ක් වෙන් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වී මිලදී ගැනීමේ ක්‍රමවේදය ද මෙවර වෙනස් කර ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *