විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විශේෂ විගණන වාර්තාවට ප්‍රතිචාර දක්වමින්, GBS Technology Services Pte Ltd සමාගම කරුණු පැහැදිලි කර ඇත. ප්‍රධාන කොන්ත්‍රාත්කරු වශයෙන්, වීසා ආදායම් මුදල් අය කරගෙන, එය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නැවත භාර දීමට තමන් එකඟ වූ බව එම සමාගම මෙහිදී තහවුරු කරයි.”අපට දැනුම් දී ඇත්තේ, මෙම කාරණය විභාග වෙමින් පවතින (sub judice) බැවින්, අවශ්‍ය විටදී අදාළ වේදිකාවලදී සවිස්තරාත්මක කරුණු සහ පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන බවයි. මෙම අවස්ථාවේදී, අපට නිකුත් කිරීමට අවශ්‍ය වන්නේ මෙම සීමිත ප්‍රකාශය පමණි,” යැයි සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.මෙම ප්‍රකාශය, 2025 ඔක්තෝබර් 3 වැනි දින විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සහ මේ වන විට ප්‍රසිද්ධියට පත්ව ඇති, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ගැන බව සඳහන් වේ.GBS Technology Services & IVS Global FZCO (“IVS-GBS”) යනු සිංගප්පූරුවේ මූලස්ථානය සහිත GBS Technology Services Pte Ltd හි පූර්ණ අනුබද්ධිත, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි හි සංස්ථාපිත සමාගමකි. මෙම සමාගම රජයන්ට සහ පුරවැසියන්ට ආරක්ෂිත සහ නව්‍ය තාක්ෂණික විසඳුම් සපයයි.GBS Technology Services Pte Ltd, 2005 වසරේ සිට මිලියන 10 කට අධික අයදුම්පත් සැකසූ ප්‍රමුඛ පෙළේ IVS Global Services Private Ltd නම් බාහිරින් සේවා ලබා දෙන සමාගම සමඟ බලපත්‍ර බෙදාගැනීමේ ගිවිසුමකට එළඹුණි.2023 දෙසැම්බර් 21 දින, IVS-GBS, V F Worldwide Holdings Ltd (“VFS”) සහ ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අතර ඊ-වීසා සහ ඊට අදාළ සේවා සැපයීම සඳහා බාහිරින් සේවා ලබා ගැනීමේ ගිවිසුමකට එළඹුණි. එහිදී IVS-GBS ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙසත්, VFS එහි තාක්ෂණික සහකරු ලෙසත් කටයුතු කරයි.2025 ඔක්තෝබර් 3 දිනැති විශේෂ විගණන වාර්තාවේ පැහැදිලි කිරීම් අවශ්‍ය වන නිරීක්ෂණ කිහිපයක් අඩංගු බව සමාගම පෙන්වා දෙයි. ප්‍රධාන කොන්ත්‍රාත්කරු වශයෙන්, වීසා ආදායම් මුදල් අය කරගෙන එය දෙපාර්තමේන්තුවට නැවත භාර දීමට තමන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ එකඟ වූ බව නැවතත් අවධාරණය කිරීමට ඔවුහු කැමැත්තක් දක්වති.වාර්තාවේ සොයාගැනීම් සිදු කර ඇත්තේ IVS-GBS ට තම පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා නොදී බවද ඔවුහු සඳහන් කරති. එවැනි අවස්ථාවක් ලබා දුන්නේ නම්, වාර්තාව සකස් කිරීමට විගණකාධිපති කාර්යාලයට උපකාර වන පරිදි අදාළ සාක්ෂි සහ පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට තමන්ට හැකිව තිබූ බවට ඔවුහු විශ්වාසය පළ කරති.මේ අතර, IVS-GBS සමාගම වාර්තාවේ ඇතැම් නිරීක්ෂණ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට සෘජුවම විගණකාධිපති කාර්යාලය සමඟ සම්බන්ධ වීමට අදහස් කරයි.”අප ශ්‍රී ලංකා රජය සමඟ අපගේ හවුල්කාරිත්වය අගය කරන අතර, අදාළ සියලු බලධාරීන් සමඟ පූර්ණ විනිවිදභාවය, සහයෝගීතාව සහ අනුකූලතාව පවත්වා ගැනීමට කැපවී සිටිමු,” යනුවෙන්ද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.






















