දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් මහතා මියගිය බව පොලීසිය පවසයි.
ඒ, ඔහු ඉලක්ක කර එල්ලවූ වෙඩි තැබීමක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි.
පොලීසිය පැවසුවේ, ඔහු කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ නිවසක සිටියටදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර තිබේ.
තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගිය බව පොලීසිය පැවසුවේ ය.
