වෙනිසියුලාව ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද දැවැන්ත යුද ප්‍රහාරවලින් අනතුරුව, එරට ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන (Captured) රටින් බැහැරට රැගෙන ගොස් ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි. ඇමෙරිකානු ආරක්ෂක අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඒකාබද්ධව දියත් කළ මෙම සුවිශේෂී මෙහෙයුම සාර්ථක වූ බවත්, මදුරෝ සහ ඔහුගේ බිරිඳ මේ වන විට එරටින් පිටතට ගෙන ගොස් ඇති බවත් ට්‍රම්ප් වැඩිදුරටත් තහවුරු කළේය. වෙනිසියුලා රජය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් එය අනවශ්‍ය හමුදාමය ආක්‍රමණයක් ලෙස හඳුන්වා දී ඇති අතර, මදුරෝ පාලනයට එරෙහිව ඇමෙරිකාව කාලයක් තිස්සේ එල්ල කළ දැඩි පීඩනයේ උච්චතම අවස්ථාව ලෙස මෙය සනිටුහන් වේ.


























