හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු තීරයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ නිරිතදිග දෙසින් හමන සුළඟේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 30-40 ත් අතර අගයක පැවතියද, කාලගුණික වෙනස්වීම් සමඟ සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී.විශේෂයෙන්ම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැක. එමෙන්ම, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වූ මුහුදු කලාපයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ යාමට ඉඩ ඇති බවට අනුමාන කෙරේ.පවතින චණ්ඩ සුළං තත්ත්වය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට බෙහෙවින් රළු විය හැක. එබැවින් නැවත දැනුම්දෙන තුරු එකී මුහුදු කලාපයට නාවික කටයුතු සඳහා පිටත්ව යාමෙන් වළකින ලෙස නාවික හා ධීවර ප්‍රජාවගෙන් බලධාරීන් ඉල්ලා සිටී.



























