වේදිකාවේ දුම්රිය ගැටීමේ සිදුවීමට රියැදු‍රාගේ වැඩ තහනම්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී 15 වෙනිදා පළමුවැනි වේදිකාවේ දුම්රියක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය රියැදු‍රාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙසේ ඊයේ දිනයේ දී අනතුරට ලක් වූයේ හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක්.

ඉන් දුම්රිය වේදිකාවට දැඩි ලෙස හානි සිදු වූ අතර මගීන් කිසිවෙකුටත් හානියක් සිදු වූයේ නැහැ.

මෙම සිදුවීමත් සමඟ අදාළ දුම්රිය වෙනුවට වෙනත් දුම්රියක් ධාවනයට පසුව පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පවත්වන බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,285

Leave A Reply

Your email address will not be published. Required fields are marked *