වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් ලබාදීම සඳහා සුදුසුකම්ලත් උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීමට පියවර ගෙන ඇත. රජයේ රෝහල් පද්ධතියේ පවතින පුරප්පාඩු පිරවීම ඉලක්ක කරගනිමින් මෙම නව බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය.​මෙම අවස්ථාව හිමිවන්නේ පසුගිය 2025 වසරේ ජූලි මස 04 වැනිදා වන විට තම සීමාවාසික පුහුණුව සාර්ථකව නිම කළ වෛද්‍ය උපාධිධාරීන් සඳහා පමණි. ඒ අනුව සුදුසුකම් සපුරා ඇති වෛද්‍යවරුන් 453 දෙනෙකුට මෙම පත්වීම් ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට අවස්ථාව උදා වී තිබේ.​අදාළ අයදුම්පත් භාර ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර, ලබන අප්‍රේල් මස 04 වැනිදා දහවල් 12.00 දක්වා ඒ සඳහා කාලය වෙන් කර ඇත. පත්වීම් ක්‍රියාවලිය ප්‍රමුඛතාවය මත සිදුවන බැවින් නියමිත වේලාවට පෙර නිවැරදිව අයදුම්පත් යොමු කරන ලෙස අමාත්‍යාංශය අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,070

Leave A Reply

Your email address will not be published. Required fields are marked *