ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමත් සමඟ, පරිසරය සුරැකීමේ අරමුණින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියි. ඒ, වන්දනාවේ යන සැදැහැවතුන් කිසිදු ආකාරයක ප්ලාස්ටික් හෝ පොලිතීන් ද්‍රව්‍ය ශ්‍රී පාදස්ථානයට රැගෙන යෑමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙසයි. මෙම ප්‍රදේශයේ පාරිසරික පවිත්‍රතාව රැකගැනීම සියලු දෙනාගේ වගකීමක් බව ඔවුහු අවධාරණය කරති.මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේ, පෙර වසරවලදී බැතිමතුන් විසින් ශ්‍රී පාද අඩවියේ අත්හැර දමා ගිය ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය ඉවත් කිරීමට සෞඛ්‍ය අංශවලට විශාල වෙහෙසක් දැරීමට සිදු වූ බවයි. එම අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් සැලකිය යුතු මූල්‍ය පිරිවැයක් ද දැරීමට සිදු වූ බව සිහිපත් කළ ඔහු, මෙවර වන්දනාකරුවන් ස්වයං විනයක් ඇතිව මෙම තත්ත්වය වැළැක්වීමට සහාය වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළේය.


























