ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය වන “ශ්‍රී ලංකා එක්ස්පෝ 2026” (Sri Lanka Expo 2026) එළඹෙන ජූනි 18 සිට 21 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට කටයුතු යොදා ඇත. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන මෙම දැවැන්ත උළෙල, මෙරට අපනයන හැකියාවන්, ආයෝජන විභවයන් සහ සංස්කෘතික විවිධත්වය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීම සඳහා දේශීය හා විදේශීය අපනයනකරුවන්, ආයෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් විශාල පිරිසක් එක් කර ගැනීමට අපේක්ෂා කෙරේ.දින හතරක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ජාත්‍යන්තර වෙළඳාම, උපායමාර්ගික හවුල්කාරිත්වයන් සහ සෘජු විදේශ ආයෝජන සඳහා විවෘත වන ප්‍රධාන දොරටුවක් වනු ඇති බව සංවිධායක මණ්ඩලය පෙන්වා දෙයි. විවිධ ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ව්‍යාපාරික හමුවීම් (B2B), ජාලකරණ සැසි සහ නිෂ්පාදන ප්‍රදර්ශනයන් මෙහිදී පැවැත්වෙන අතර, එමඟින් ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂිතය. මෙම ප්‍රදර්ශනය සඳහා ලියාපදිංචි වීම දැන් නිල වෙබ් අඩවිය වන https://srilankaexpo.lk හරහා විවෘතව පවතී.


























