ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (නොවැම්බර් 16) පැවැත්වීමට නියමිතයි. මෙම තරගය පාකිස්තානයේ රාවල්පිණ්ඩිහිදී, ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය.මේ වන විට පැවැති තරගාවලියේ පළමු එක්දින තරග දෙකම ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වී ඇති බැවින්, ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ගෞරවය රැකගැනීමට නම් අද තරගය ජයගැනීම අනිවාර්ය වේ.






















