ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද; එංගලන්තය අවසන් පූර්ව වටයට

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තීරණාත්මක තරගය අද (20) පැවැත්වීමට නියමිතය. ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව තිබේ. තරගාවලියේ ඉදිරි ගමන සඳහා මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.​මේ අතර, ඉන්දීය කණ්ඩායම සමග පැවති තියුණු තරගය ලකුණු 4කින් ජය ගනිමින් එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඉන්දෝර්හිදි පැවති එම තරගයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දී නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 288ක් රැස් කළ අතර, එහිදී හෙදර් නයිට් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිය තෙවැනි ශතකය වාර්තා කළාය. ලකුණු 289ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 284ක් පමණි.

What's your reaction?

Related Posts

1 of 445

Leave A Reply

Your email address will not be published. Required fields are marked *