ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින්ට ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව ජාතික ජන බලවේගය (NPP) පවසනවා.මෙම ආරාධනාව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති රේමි ලැම්බර්ට් මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා හමුවූ අවස්ථාවේදී සිදු කර තිබෙනවා.ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමේදී තමන්ට සැඟවුණු න්‍යාය පත්‍රයක් නොමැති බව ප්‍රංශ තානාපතිවරයා මෙහිදී සඳහන් කළා.එමෙන්ම, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසු ඉදිරියට ගෙන යන වැඩසටහන් තානාපතිවරයාගේ ඇගයීමට ලක්වූ බව ද NPP වැඩිදුරටත් පැවසුවා.