ශ්‍රී ලංකා රේගුවට නවීන Oracle Exadata පද්ධතියක්: රුපියල් බිලියන 2කට අධික ව්‍යාපෘතියකට අනුමැතිය

​ශ්‍රී ලංකා රේගුවේ දත්ත සැකසීමේ සහ විෂ්ලේෂණ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා Oracle Exadata X11M පද්ධතිය සහ ඊට අදාළ මෘදුකාංග බලපත්‍ර මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා විසින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව, ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය යටතේ ඉදිරිපත් වූ ලංසු තුනෙන් තාක්ෂණිකව සුදුසුකම් ලැබූ එකම ආයතනය වන Millennium I.T.E.S.P. (Private) Limited වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර ඇත. බදු රහිතව රුපියල් මිලියන 2,197.96ක වටිනාකමකින් යුත් මෙම ව්‍යාපෘතිය වසර අටක කාලයක් පුරා ක්‍රියාත්මක වීමට නියමිතය. මහා පරිමාණ දත්ත කළමනාකරණය සඳහා නිර්මාණය කර ඇති මෙම Oracle Exadata පද්ධතිය හරහා රේගු දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිවල වේගය සහ ආරක්ෂාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,044

Leave A Reply

Your email address will not be published. Required fields are marked *