ශ්‍රී ලංකා ශොටොනාක් කරාතේ ශූරතාවලියෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට රන් පදක්කම් රැසක්…

ශ්‍රී ලංකා ජාතික ශොටොකාන් සම්මේලනය (Shotokan karate Do Federation) මගින් සංවිධානාය කළ 2024 ශොටොකාන් කරතේ ශූරතාවලිය 2025.01.11 වන දින කොළඹ රාජකීය විද්‍යල ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත් විය.

එහිදී ක්‍රීඩා සමාජ 20ක පමණ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 500 කට අදික ප්‍රමාණයක් ශුරාතාවලිය සදහා සහභාගී අතර, එම තරඟ සඳහා මඩකලපුව දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා බන්ධානාගාර දෙපාර්තමේන්තුවේ මඩකලපුව බන්ධනාගාරයේ රාජකාරී සිදු කරන හා ප්‍රධාන පුහුණුකරු වන බන්ධනාගාර අධිකාරී ඒන්.ප්‍රබාකරන් මහතාගේ පුහුණුව ලද නිළධාරීන් 09 ක් තරග සදහා සහභාගී විය.

වයස් සීමාවන් රාශියක් යටතේ මෙම තරගාවලිය පැවැත් වු අතර, එහිදී වයස අවුරුදු 21 ඉහල විවෘත පිරිමි, වසස අවුරුදු 36 සිට 42 දක්වා පිරිමි හා වයස අවුරුදු 42 සිට 50 දක්වා පිරිමි යන වයස් සීමාවන් යටතේ මඩකලපුව බන්ධනාගාර නිළධාරීන් තරඟ වදිමින් සහභාගී වු නිලධාරීන් 09 දෙනාම ජයග්‍රහණ ලබා ගැනීමට හැකි විය.

බන්ධනාගාර ඉතිහාසයට නව පරිච්ජේදයක් එක් කරමින් රන්පදක්කම් 03ක් ලබා ගනිමින්
• බන්ධනාගාර නියාමක ටී.ප්‍රසාත් මහතා
• බන්ධනාගාර නියාමක මුහිල් වලවන් මහතා
• එස්.විජිතරන් මහතාද,

රිදී පදක්කම් 03ක් ලබා ගනිමින්
• බන්ධනාගාර නියාමක වී. ප්‍රේමදීපන් මහතා
• බන්ධනාගාර නියාමක එස්.සිවපාලන් මහතා
• බන්ධනාගාර නියාමක ජේ.ඩි.වේටබ්‍රවුන් මහතාද,

ලොකඩ පදක්කම් 03ක් ලබා ගනිමින්
• බන්ධනාගාර නියාමක කේ. කවින්දරන් මහතා
• බන්ධනාගාර නියාමක ඒස්.කුපෙන්දීරන් මහතා
• බන්ධනාගාර නියාමක එන්.සිවකුමාර් මහතා

බන්ධනාගාර දෙපාර්තමෙන්තුවට කීර්තියක් අත්කර දීමට හැකි විය.

ගාමිණී බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)

What's your reaction?

Related Posts

1 of 466

Leave A Reply

Your email address will not be published. Required fields are marked *