​ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංජිනේරු ප්‍රදර්ශනය ‘Techno 2025’ BMICH හිදී ඇරඹේ!

​ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංජිනේරු ප්‍රදර්ශනය වන “Techno 2025” ජාතික ඉංජිනේරු හා තාක්ෂණ ප්‍රදර්ශනය අද (ඔක්තෝබර් 10) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) දී උත්සවාකාරයෙන් ආරම්භ විය.​ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් 12 දින දක්වා පැවැත්වේ.​කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණයන්ගෙන් සමන්විත මෙම ප්‍රදර්ශනයේ, නව නිපැයුම්, නවෝත්පාදන, ඩ්‍රෝන සංදර්ශන මෙන්ම අපද්‍රව්‍යවලින් බලශක්ති නිපදවීම වැනි දෑ ඇතුළත් ප්‍රදර්ශන කුටි 250කට අධික සංඛ්‍යාවක් දැකගත හැකිය.​උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතව පවතින “Techno 2025” ප්‍රදර්ශනය, තාක්ෂණයේ අනාගතය අත්විඳීමට මෙන්ම අදහස් හුවමාරු කර ගැනීමටත් පොදු ජනතාවට මහඟු අවස්ථාවක් සලසයි.

What's your reaction?

Related Posts

1 of 785

Leave A Reply

Your email address will not be published. Required fields are marked *