ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට රුසියාවෙන් අතහිත

මෙරට බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට රුසියානු රජය සිය කැමැත්ත පළ කර තිබේ. විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේදී අමාත්‍ය විජිත හේරත් මහතා සහ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය අන්ද්‍රේ රුඩෙන්කෝ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත. දෙරට අතර පවතින දීර්ඝකාලීන මිතුදම සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට සහාය අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් පෙනී සිටීමට රුසියාව සූදානම් බව මෙහිදී අවධාරණය කළේය.​මෙම හමුවේදී බලශක්ති ක්ෂේත්‍රයට අමතරව ආර්ථික සහ මානුෂීය කරුණු කිහිපයක් පිළිබඳව ද අවධානය යොමු විය. විශේෂයෙන්ම රුසියානු ආයෝජකයින් ශ්‍රී ලංකාවේ නව ව්‍යාපෘති සඳහා යොමු කිරීමටත්, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් මෙහිදී යෝජනා ස්ථිර විය. ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය උදෙසා රුසියාවේ සෘජු දායකත්වය ඉදිරියේදී පුළුල් මට්ටමින් අපේක්ෂා කළ හැකි බව මෙම සාකච්ඡාවලින් පැහැදිලි වේ.​මීට අමතරව, රුසියාවේදී මියගිය ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින්ගේ පවුල් වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද මෙහිදී තීරණාත්මක එකඟතාවයකට පැමිණ ඇත. එම වන්දි මුදල් කඩිනමින් ගෙවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉදිරිපත් වූ යෝජනාවලට රුසියානු නියෝජිතයින් සිය එකඟතාව පළ කර තිබේ. ආරක්ෂක අංශ සාමාජිකයින් සම්බන්ධ මෙම සංවේදී ගැටලුවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳුම් සෙවීම මෙම හමුවේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

What's your reaction?

Related Posts

1 of 1,077

Leave A Reply

Your email address will not be published. Required fields are marked *