සංචාරක ප්‍රබෝධයට මෙරට අභ්‍යන්තර ගුවන් සේවා නව මාවතකට!

​ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළ පෙළේ විදේශීය සංචාරකයින් ඉලක්ක කරගනිමින් මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් පුළුල් කිරීමට රජය තීරණය කර තිබේ. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, සංචාරක කර්මාන්තයේ සැබෑ දියුණුවක් ඇති කිරීමට නම් සංචාරකයින්ට ලබාදෙන පහසුකම් ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. ඒ අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශ කරා කෙටි කාලයකින් ගමන් කිරීමට හැකිවන පරිදි අභ්‍යන්තර ගුවන් ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.​විශේෂයෙන්ම වැඩි මුදලක් වියදම් කරන (High-end) සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීමට නම් ඔවුන්ගේ ගමන් පහසුව තහවුරු කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පවතින යටිතල පහසුකම් නවීකරණය කිරීම හරහා සංචාරක ගමනාන්ත අතර සබඳතාවය වේගවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. මෙම නව ප්‍රවේශය හරහා ඉදිරි වසරවලදී සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම සැළකිය යුතු මට්ටමකින් ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇතැයි ද අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.

What's your reaction?

Related Posts

1 of 937

Leave A Reply

Your email address will not be published. Required fields are marked *