මාතලේ – නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි අරංගල පර්වතයට පිවිසෙන ඇතැම් පිරිස් විසින් පරිසර පද්ධතියට විවිධ බලපෑම් සිදුකරන බව අරංගල පර්වතය ආශ්රිත ජනතාව පවසනවා.
අරංගල පර්වතය තරණය කරන ඇතැම් පිරිස් එම පරිසරයට කැලිකසළ මුදාහරින බවයි ඔවුන් පවසන්නේ.
ඒ අනුව අරංගල පර්වතයට පිවිසෙන විවිධ පාර්ශව විසින් සිදුකරනු ලබන අවිධිමත් සංචාරක ක්‍රියාවලි සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව නාඋල ප්‍රාදේශිය සභාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා.
එබැවින් විධිමත් සංචාරක ගමනාන්තයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවද ප්‍රකාශ කෙරුණා.
උසින් මීටර් 792ක් පමණ වූ මෙම අරංගල කන්ද පාක් කේන්බි්රයානු ගණයට අයත් කඳු විශේෂයක්.