සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් රුපියල් කෝටි 10 කට අධික මූල්‍ය ත්‍යාග: ජයග්‍රාහකයින් 53 දෙනෙකුට චෙක්පත් ප්‍රදානය කෙරේ

දශක හතරකට අධික කාලයක් මෙරට ලොතරැයි ක්ෂේත්‍රයේ විශ්වාසය දිනා සිටින සංවර්ධන ලොතරැයි මණ්ඩලය, විවිධ ලොතරැයිපත් මගින් බිහිවූ සුපිරි ජයග්‍රාහකයින් සහ අනෙකුත් ලක්ෂපතියන් වෙනුවෙන් චෙක්පත් ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 19 වන දින පවත්වන ලදී. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මණ්ඩල ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්විණි.​මෙහිදී ලග්න වාසනාව ලොතරැයියේ සුපිරි ජයග්‍රාහකයින් සිව්දෙනෙකු සඳහා පිළිවෙළින් රුපියල් 8,008,297.60, රුපියල් 6,454,600.80, රුපියල් 3,624,117.60 සහ රුපියල් 3,000,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය කරන ලදී. මීට අමතරව ‘සුපිරි ධන සම්පත’ ලොතරැයියෙන් බිහිවූ විශේෂ ලක්ෂපතියන් සඳහා ද මෙහිදී ත්‍යාග පිරිනැමුණි.​සමස්තයක් ලෙස මෙම අවස්ථාවේදී ජයග්‍රාහකයින් 53 දෙනෙකු අතර රුපියල් 103,587,016/- (රුපියල් දස කෝටි තිස් පන් ලක්ෂයකට අධික) මුදලක් බෙදා දීමට කටයුතු කර ඇත. ඒ යටතේ රුපියල් විසි ලක්ෂයේ ජයග්‍රාහකයින් 32 නෙකු සහ දස ලක්ෂයේ ජයග්‍රාහකයින් 16 දෙනෙකු සඳහා චෙක්පත් සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදු විය.​මෙම ලොතරැයි අලෙවියෙන් ලැබෙන ලාභාංශ ජනාධිපති අරමුදල හරහා වෛද්‍ය ආධාර සැපයීමට සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල පෝෂණය කිරීමට දායක වන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 896

Leave A Reply

Your email address will not be published. Required fields are marked *